
උණුසුම් පුවත්
සලේගේ නඩුව ජුලි 1 දක්වා කල්දමයි
රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩු විභාගය ජුලි මස 01 වනදා දක්වා කල් දැමීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ඔහු එදින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා වැඩිදුරටත් නියෝග කර තිබේ.
දැඩි ආරක්ෂාවක් යටතේ සුරේෂ් සලේ මහතා අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ඔහු පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් අනතුරුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කිරීම් සිදුකරමින් පවතී.



