උණුසුම් පුවත්

චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ඇප ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කර තිබේ.

චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට හේතුව

ඒ අනුව, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවනු ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම තීරණය ලබාදී තිබේ.

පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර නිකුත් කිරීමට අදාළව රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button