
ව්යාපාරික
ලෝක රන්මිල පහත වැටීමේ බලපෑමෙන් මෙරට රත්රං මිල රු.13,000කින් පහළට
ලෝක වෙළෙඳපොළේ රන්මිල පහළ යාමට සමගාමීව, මෙරට රත්රං මිල ගණන්වලද සැලකිය යුතු අඩුවක් වාර්තා වී ඇතැයි රන් වෙළෙඳපොළ දත්ත සඳහන් කරයි.
ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ.
ඊයේ (03) දිනයේදී එම මිල රුපියල් 388,500ක් ලෙස වාර්තා වී තිබූ අතර, ඒ අනුව දිනකින් රන් පවුමක මිල රුපියල් 12,000කට ආසන්න ලෙස අඩු වී ඇති බව සඳහන් වේ.
මේ අතර, ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද වන විට තවදුරටත් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.



