
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6ට
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට 2027 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීය.
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6ට – තුන්වන වර කියවීමේ විවාදය හෙට සිට
ඒ අනුව නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනය දක්වා දින හතක් පුරා පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
අයවැයේ තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම විවාදය අවසන් වීමෙන් පසු තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
මේ අතර රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයන්හිදී ද අයවැය විවාදය පැවැත්වෙන අතර ඒ සඳහා සෑම දිනකම පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.



