උණුසුම් පුවත්

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනා අධිකරණයට

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් සිව්දෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට

අනුරාධපුර පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුමට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව කරුණු විමසීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මීට පෙර පියවර ගෙන තිබුණි.

ඒ අනුව, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඊයේ (17) අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button