
ව්‍යාපාරික
ඩොලරය 342 පනී
අද (20) දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 342 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙසත් සටහන් වී ඇත.
ඊයේ (19) දිනයේ එම අගයන් රුපියල් 328.23ක ගැනුම් මිලක් සහ රුපියල් 338.07ක විකුණුම් මිලක් ලෙස දැක්වුණි.
මේ අතර, අද දිනයේ රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගැනුම් මිල රුපියල් 335.65ක් ලෙස වාර්තා වී තිබේ.



