උණුසුම් පුවත්

අද (28) ප්‍රබල අකුණු අවදානමක් – දිස්ත්‍රික්ක තුනකට කාලගුණ අවවාදයක්

අද (28) ප්‍රබල අකුණු අවදානමක් පවතින බැවින් මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අද (28) ප්‍රබල අකුණු අවදානම හමුවේ දිස්ත්‍රික්ක තුනක ජනතාවට ආරක්ෂිත පියවර ගන්නැයි දැනුම්දීමක්

අද (28) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

ඒ අනුව, එම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද හටගත හැකි බවට අනතුරු අඟවා තිබේ.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button