
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විපක්ෂ නායක හෙළිකරයි
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු ඇතුළු වනජීවි ක්ෂේත්රයේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කර තිබේ.
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම ඇතුළු වනජීවි කටයුතුවලදී වනජීවි පශු වෛද්‍යවරුන් ඉටු කරන සේවය ඉතා වැදගත් බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් 33 දෙනෙකු සිටිය යුතු වුවද, මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 17 දෙනෙකු පමණක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. වනජීවි පශු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පවතින මෙම අඩුපාඩුව දශක ගණනාවක් පුරා පැවත එන ගැටලුවක් බවද ඔහු පැවසීය.
අලි, කොටි ඇතුළු අනෙකුත් වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවි පශු වෛද්‍යවරුන් කටයුතු කළද, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඔවුන්ට කිසිදු නෛතික බලයක් ලබාදී නොමැති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම පශු වෛද්‍යවරුන් වනජීවි දෙපාර්තමේන්තුවට ඇතුළත් කර නොමැති වීමද තවත් ගැටලුවක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය



