
උණුසුම් පුවත්
අකිල විරාජ් කාරියවසම් රිමාන්ඩ්
අකිල විරාජ් කාරියවසම් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් සිව්දෙනෙකු බඳවාගෙන ඔවුන් පුද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් අද අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 18 වැනිදා සිදු කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.



