
මහවැලි ගඟ ඉහළ යයි – පහත් බිම් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ඉහළ යයි
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බලධාරීන් දැනුම්දී ඇත.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබිය හැකි බවට පුරෝකථන පවතින අතර, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
විශේෂයෙන් උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ දෙපස පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ අංශ ද දැනුවත් කර ඇති අතර, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී ඇත.





