ප්‍රධාන පුවත්

ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීමේ විමර්ශන ප්‍රගතිය

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට දෝෂාරෝපණය කළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විමර්ශන සඳහා අවශ්‍ය බැංකු ගිණුම් තොරතුරු සහ ඩිජිටල් සාක්ෂි ලබාගැනීම සඳහා MLA ක්‍රමවේදය යටතේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ සැම්බියාව යන රටවලින් තොරතුරු ඉල්ලා තිබේ.

ඩිජිටල් දත්ත සුරක්ෂිත කිරීම සඳහා 24/7 ජාත්‍යන්තර සහාය ලබාගෙන ඇති අතර, සැකකරුවන් හඳුනාගැනීම වෙනුවෙන් අන්තර්ජාතික පොලීසිය සහ අදාළ රටවල බලධාරීන් සමඟ ඒකාබද්ධව විමර්ශන ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මේ වනවිට මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ Server දත්ත සුරක්ෂිත කර විශේෂ ඩිජිටල් විශ්ලේෂණයකට යොමු කර ඇති අතර, වංචනික ගිණුම වෙත මුදල් සංසරණය වූ ආකාරය පිළිබඳ තොරතුරු අමෙරිකානු මූල්‍ය බුද්ධි ඒකකය විසින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයට ලබාදී ඇති බවද අනාවරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button