ප්‍රධාන පුවත්

මැයි 01 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. සංස්ථා ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කර තිබුණේ පසුගිය මාර්තු 21 වනදාය. එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා රුපියල් 398ක් දක්වා වැඩි කෙරිණි.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා රුපියල් 455ක් ලෙස නියම කෙරුණු අතර, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 79කින් ඉහළ දමා නව මිල රුපියල් 382ක් විය.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 90කින් වැඩි කර රුපියල් 443ක් දක්වා සංශෝධනය කළ අතර, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා රුපියල් 255ක් ලෙස නව මිලක් ප්‍රකාශයට පත් කර තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button