උණුසුම් පුවත්

ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී

ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී

ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට අදාළ නඩුවේ තීරණය නොවැම්බර් 11 වැනිදා

බදු නොගෙවා මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක අතහැර දමා තිබියදී සොයාගත් අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ නඩු කටයුත්තේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මාර්ගයෙන් මෙම දැනුම්දීම අධිකරණයට සිදුකර ඇත.

මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ තීරණය ලබන නොවැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button