උණුසුම් පුවත්

නාමල්ගේ ඇප ඉල්ලීම ගැන තීරණය නොවැම්බර් 03 වැනිදා

නාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ලබන නොවැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය අධිකරණය තීරණය කරයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ නියෝගය ලබා දෙන දිනය නියම කරනු ලැබීය.

කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත පැවරීමට අදාළ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඒ අනුව, ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ අවසන් නියෝගය නොවැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button