ප්‍රධාන පුවත්

ලාෆ්ස් ගෑස් අද සිට වෙළෙඳපොළට – උත්සව සමයට හිඟයකින් තොර සැපයුමක්

මෙතෙක් කලක් පාරිභෝගිකයන් හට සපයා ගැනීමට අපහසුව පැවතුණු laugh gas ( කහ ගෑස් )
උත්සව සමයේ හිඟයක් ඇති නොවන ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. එම සමාගම විසින් පාරිභෝගිකයන්ට අඛණ්ඩ සැපයුමක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බවද සඳහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ, වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත නීතිමය කටයුතු සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගම දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

පසුගිය 6 වැනිදා හම්බන්තොට වරායට මෙට්ට්‍රික් ටොන් 7,000ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් පැමිණ ඇති අතර, එම තොග අද සිට වෙළෙඳපොළට බෙදාහැරීමට කටයුතු කරනු ඇතැයි ලාෆ්ස් සමාගම දැනුම් දී තිබේ.

ඒ අතරම, උත්සව සමය තුළ පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා වැටලීම් සහ විමර්ශන වැඩසටහනක්ද ආරම්භ කර ඇති බව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button