උණුසුම් පුවත්

බදුල්ල රෝහලේ අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළසිරුර හමුවෙයි

බදුල්ල රෝහලේ අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඔහු ඊයේ (23) උදෑසන රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඉන් අනතුරුව අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණි.

වෛද්‍යවරයා පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී ඔහුගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරය මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.

පසුව සිදුකළ පරීක්ෂණවලදී බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ තිබී වෛද්‍යවරයාගේ මෝටර් රථය ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබුණි.

ඒ අනුව අද (24) පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයන් එක්ව ප්‍රදේශයේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

එම පරීක්ෂණ අතරතුරදී අතුරුදන්ව සිටි වෛද්‍යවරයාගේ මළසිරුර ගලක් මත තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button