ප්‍රධාන පුවත්

‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට කටුනායකට ගෙන එයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබේ.

රාජතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ (Interpol) මැදිහත්වීම මත, ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2024 දෙසැම්බර් 09 දින ඇප මත නිදහස් වූ පසු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබූ ඔහු, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වේ.

අද (27) අලුයම 05.55ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට SriLankan Airlines හි යූ.එල්.-142 දරන ගුවන් යානය මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු රැගෙනවිත් ඇත.

අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට දැඩි ආරක්ෂාව යටතේ ගුවන් තොටුපොළෙන් පිටත් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button