විදෙස්

මහ මැතිවරණයෙන් ජපාන අගමැති ටකයිචිට විශිෂ්ට ජයග්‍රහණයක්

ජපාන අග්‍රාමාත්‍යවරිය සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂ සන්ධානය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව, සනයි තකයිචි නායකත්වය දරන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ප්‍රමුඛ සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත ආසන 465 අතරින් ආසන 352ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ජපානයේ මහ මැතිවරණය ඊයේ (08) දිනයේ පැවැත්වුණු අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී එවකට අග්‍රාමාත්‍යවරයා වූ ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනක් ගතවීමෙන් පසු, ඉකුත්දා ඇය විසින් ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button