විදෙස්

ට්‍රම්ප්ගේ අත්සන ගැන ඉරානයේ චෝදනාව

ට්‍රම්ප්ගේ අත්සන විශ්වාසය තැබිය නොහැකි අතර එයට සැබෑ වටිනාකමක් නොමැති බව ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රකාශ කර තිබේ.

සෙනසුරාදා නිකුත් කළ ලිඛිත නිවේදනයකින් ඔහු සඳහන් කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය හා අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් නැවත නැවතත් උල්ලංඝනය කරමින් සිටින බවයි.

එම හේතුවෙන් ට්‍රම්ප්ගේ අත්සනට ජාත්‍යන්තර මට්ටමින් විශ්වසනීයත්වයක් හෝ වටිනාකමක් ලබාදිය නොහැකි බවද ඔහු සිය ප්‍රකාශයේ අවධාරණය කර ඇත.

මේ අතර, සටන් විරාම ගිවිසුම බිඳවැටීමෙන් පසු පසුගිය සතියේ සිට අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරු යළිත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button