
ප්රධාන පුවත්
පිටපොලදී තියුණු ආයුධයකින් පහරදී අයෙක් ඝාතනය කෙරේ
ඊයේ (8) දින තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කර සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත හපුතලේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ, මෙම සිද්ධිය ඊයේ (08) සවස හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්රදේශයේදී සිදුව ඇති බවයි. එහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ, පිටපොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, මරණකරුට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, ඝාතනයට හේතුව සහ ඒ සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් හඳුනාගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



