
ඩෙංගු රෝගීන් 94,000 ඉක්මවයි
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,037ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසරේ මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,962කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 8,701ක් හඳුනාගෙන ඇත.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7,866ක්, පෙබරවාරි මාසයේදී 5,721ක්, මාර්තු මාසයේදී 6,013ක්, අප්‍රේල් මාසයේදී 5,651ක් සහ මැයි මාසයේදී 8,590ක් වාර්තා වී තිබේ.
බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 49,771ක්
දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් සියයට 52.93ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 49,771කි.
දකුණු පළාතෙන් රෝගීන් 13,763ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,519ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,034කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,652ක් වාර්තා වී ඇති අතර, ඉන් 3,787 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,818ක්, කළුතරින් 6,093ක්, ගාල්ලෙන් 6,079ක්, රත්නපුරයෙන් 5,160ක්, මාතරින් 5,003ක්, කෑගල්ලෙන් 2,713ක්, කුරුණෑගලින් 2,651ක් සහ හම්බන්තොටින් 2,510ක් වාර්තා වී තිබේ.
මේ අතර දිවයින පුරා ඩෙංගු සඳහා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් හඳුනාගෙන ඇත.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. උණ තත්ත්වයක් පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් කඩිනමින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසද දැනුම් දී තිබේ.



