උණුසුම් පුවත්

චමින්ද විජේසිරි ඇප මත මුදාහැරේ

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් සිර දඬුවම් නියම කර සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැර තිබේ.

මන්ත්‍රීවරයාට නියම කළ දඬුවමට එරෙහිව නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම අද (24) සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමද මන්ත්‍රීවරයාට තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button