
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
මෙරටින් මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
එම ඒකකයට අනුව, මෙම කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 61ක් ද වාර්තා වී තිබේ. වාර්ෂික රෝගීන් සංඛ්‍යාවේ වැඩිම කොටස වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර, මේ මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 26,136ක් හඳුනාගෙන ඇත.
තවද පසුගිය ජුනි මාසය සහ මේ දක්වා ගත වූ ජූලි මාසයේදී එකතුව වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,670ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
පළාත් අනුව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 43,132කි.
දිස්ත්‍රික්ක අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,280ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,213ක් වාර්තා වී ඇති අතර, මේ වන විට දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.



