
උණුසුම් පුවත්
නාමල් 30 දක්වා යළි රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ මහතා මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ විමර්ශන සිදුකෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂ මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහු මේ මස 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.



