උණුසුම් පුවත්

ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ්

ශාන්ත බණ්ඩාර පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

සැකකරුවන් අද (23) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button