
ව්‍යාපාරික
අර්බුදය මැද බොරතෙල් මිල ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍රවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ තවත් ප්‍රධාන තෙල් දර්ශකයක් වන WTI බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ඇති බව සඳහන් වේ.
මෙම බොරතෙල් මිල ඉහළ යාම ආසියානු වෙළෙඳපොළටද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



