
උණුසුම් පුවත්
ගෝඨාභය රාජපක්ෂ – රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු 03
ගෝඨාභය රාජපක්ෂ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශනවලදී තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු තවදුරටත් සලකා බැලීම සඳහා එය අගෝස්තු 03 වනදා යළි කැඳවීමට අධිකරණය තීරණය කර ඇත.



