
උණුසුම් පුවත්
දුමින්ද දිසානායකට එරෙහිව අධිචෝදනා
දුමින්ද දිසානායක මහතාට සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා ගොනු කර ඇති බව සඳහන් වේ.
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.



