ප්‍රධාන පුවත්

නාච්චදූවේ ලොකු ලූනු බීජ ගම්මානයක් ඇරඹේ

දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අනුරාධපුර නාච්චදූව ගොවි ජනපදය මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති අතර, එය ගුණාත්මක ලොකු ලූනු බීජ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.

මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 325,000ක් පමණ වන අතර, දැනට දේශීයව නිෂ්පාදනය වන්නේ මෙට්‍රික් ටොන් 50,000ක් පමණක් බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම වසර අවසන් වන විට දේශීය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තබා ඇත.

ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ දේශීයව නිෂ්පාදනය කර බීජ ආනයනය සඳහා වැයවන පිරිවැය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවද සඳහන් වේ.

මෙම ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයේ සමාරම්භක උත්සවය හෙට (25) පැවැත්වීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button