
උණුසුම් පුවත්
ෂාන් විජයලාල් ජූනි 12 දක්වා රිමාන්ඩ්
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ජූනි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද දහවල් අත්අඩංගුවට ගත් ඔහු පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
2019 වසරේ දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස වෙන් කළ රුපියල් මිලියන 16.5ක මුදලක් යටතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර නිෂ්පාදන ආයතනයක් තෝරා එම ආයතනයට වාසියක් සැලසූ බවට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම මිලදී ගත් පුටු 16,361ක් දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීමට කටයුතු කිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුවූ බවටද අදාළ නඩුවේ සඳහන් වේ.



