ප්‍රධාන පුවත්

උදරයේ සැඟවූ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් පිපිරී බස් රියදුරෙකු මරුට

උදරය තුළ සඟවාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය හේතුවෙන් සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල – මාකුඹුර අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක සේවය කළ ඕකවෙල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් තොරතුරු අනුව, පසුගිය 8 වැනිදා මාකුඹුරේ සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථය ගමනාන්තයට ළඟා වීමෙන් අනතුරුව ඔහු හදිසියේ දැඩි ලෙස රෝගාතුර වී ඇත. ඒ හේතුවෙන් ඔහු වහාම තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

 

ඊයේ (09) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ ආමාශය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දෙකක් සොයාගෙන ඇත. එම පැකට්වලින් එකක් ආමාශය තුළදීම කැඩී ගොස් තිබූ අතර, එහි අඩංගු මත්ද්‍රව්‍ය රුධිරයට මිශ්‍ර වීමෙන් ඇති වූ දරුණු විෂ වීම මරණයට හේතු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button