
මා ඔය පාලම භාවිත කරන රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්
“දිව්වා” සුළි කුණාටුවෙන් පසු මා ඔයේ ජල පහර සමඟ ගසාගෙන ආ උණ පදුරු හා ගස් මුල් ඇතුළු සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය පවසයි.
ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔය පාලම ආශ්‍රිතව මෙම කටයුතු හෙට (11) සහ අනිද්දා (12) දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා සිදුකෙරෙන බැවින් එම කාලය තුළ පාලම භාවිත කරන රථවාහන සඳහා විකල්ප මාර්ග යොදාගන්නා ලෙස පොලීසිය දැනුම් දී ඇත.
“පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථ වාහන බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගය ඔස්සේ කොළඹ 05 මාර්ගයට ඇතුළුවීම.”
“කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්ගයට පිවිසිය හැකිය.”
“කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන කොටදෙනියාව, මැල්ල වලාන හරහා බෝපිටිය මාර්ගය ඔස්සේ කුරුණෑගල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.”
“නිට්ටඹුව දෙස සිට ගිරිඋල්ල නගරයට හා කුරුණෑගල මාර්ගයට පිවිසෙන රථවාහන කණ්ඩලම, අබේපුස්ස (ගොවිපොල හන්දිය), නවතල්වත්ත, බෝයවලාන හරහා මහරගම හන්දියෙන් මීගමුව කුරුණෑගල මාර්ගයට පිවිසිය හැක.”



