
ශිෂ්‍යත්ව නඩුවේ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම
2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව, ඔහුට රුපියල් මිලියන 3ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව තවත් වසරක සිරදඬුවමක් විඳීමට සිදුවන බව සඳහන් වේ.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළව අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.



