උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට ඉරානය සූදානම් – ඉරාන තානාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තමන්ගේ සමීප මිතුරෙකු බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට ඉරානය සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා ප්‍රකාශ කරයි.

කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව විසින් තෙල් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලීමක් සිදු කළහොත්, එම අවශ්‍යතා සපුරාලීමට ඉරානය සූදානම් බවයි.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය තම මිතුරු රටවලට වසා නොමැති බවද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ගැටළුවකට ලක්වන තත්ත්වයක් දැකීමට ඉරානයට කිසිදු කැමැත්තක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉතා ගෞරවනීය රටක් ලෙස සලකන බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් හානිවූ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයද ඔහු මෙහිදී සිහිපත් කළේය.

අමතරව, ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම් තම රටට ආපසු පැමිණීමට පහසුකම් සලසන බවද ඔහු ප්‍රකාශ කළේය. විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානය තුළ පුළුල් පහසුකම් සකස් කර ඇති බවත්, මේ වනවිට ඔවුන්ට කිසිදු ගැටළුවක් වාර්තා වී නොමැති බවත් ඔහු කියා සිටියේය.

තවද, තමන්ගේ රටවලට ආපසු යාමට කැමති පුද්ගලයින්ට තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ගමන් පහසුකම් සකස් කරදිය හැකි බවද තානාපතිවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button