ප්‍රධාන පුවත්

2026 සංචාරක පැමිණීම මේ වනවිට ලක්ෂ 3 පනී

මෙම වසරේ 2026 මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

එම අධිකාරිය සඳහන් කළේ, ජනවාරි 01 වැනි දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317,381 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය.

 

මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 57,348 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

 

ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 34,724 දෙනෙකු, රුසියාවෙන් 30,951 දෙනෙකු, ජර්මනියෙන් 20,272 දෙනෙකු සහ චීනයෙන් 16,315 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

 

තවද ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

 

අතිරේකව, පෙබරවාරි මාසයේ පළමු දින හතර තුළ පමණක් විදෙස් සංචාරකයින් 40,054 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button