
බැංකු ක්ෂේත්රය සමඟ මුදල් නියෝජ්‍ය ඇමති සාකච්ඡාවක
මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙරට ආර්ථිකය මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ එම ආර්ථික ප්රතිලාභ ජනතාව වෙත බෙදී යන ආකාරය පිළිබඳව සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇත.
රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ දැනුම, අත්දැකීම් සහ දායකත්වය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
එමෙන්ම 2027–2029 වර්ෂ සඳහා රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මේ අතර, APIT (Advance Personal Income Tax) බදු සම්බන්ධයෙන්ද බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික කමිටු සාමාජිකයන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.
එම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික කමිටු සාමාජිකයන් සඳහන් කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ දැනුම සහ අත්දැකීම් රටේ ආර්ථික ස්ථාවරත්වය හා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා ඵලදායී ලෙස යොදාගැනීමේ වැදගත්කමද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.



