
අවුරුදු සමය දක්වා කිරිපිටි හා තිරිඟු පිටි මිල වෙනසක් නොවෙ – රජය සහතික කරයි
ශ්‍රී ලංකාවේ ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමක් සිදු නොවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි. එම තීරණය අද (23) දින කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් නියෝජිතයින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී තහවුරු කර ඇත.
පවතින ගෝලීය අර්බුද සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් සැපයුම් සහ බෙදාහැරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබුණද, අඛණ්ඩ ආහාර සැපයුම පවත්වාගෙන යාම පිළිබඳව දෙපාර්ශවය අතර විශේෂ අවධානය යොමු විය. මෙවැනි අභියෝග මධ්‍යයේද ජනතාවට සහනයක් ලබාදීම අරමුණු කරමින් මිල ඉහළ නොදමන බව සමාගම් පැහැදිලි කළහ.
ඉන්ධන මිල වැඩිවීම සහ විදේශ විනිමය අගය වෙනස්වීම නිෂ්පාදන පිරිවැයට බලපා තිබුණද, අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය සමඟ එක්ව කටයුතු කිරීමට සමාගම් එකඟ වී ඇත. ඒ අනුව, ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් කිරිපිටි හා තිරිඟු පිටි තොග ලබා දීමට හැකි බවත්, අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බවත් ඔවුන් තහවුරු කර ඇත.
එමෙන්ම, ඉන්ධන කෝටා සීමාවන් හේතුවෙන් බෙදාහැරීම් ක්ෂේත්රයට ඇතිවී ඇති අපහසුතා පිළිබඳවද සමාගම් අවධානය යොමු කර ඇත. ඒ සඳහා විසඳුම් සෙවීමේ අරමුණින්, ආහාර බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට හඳුන්වා දී ඇති විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනට එක්වන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
මෙම තීරණය මගින් අලුත් අවුරුදු සමය තුළ ජනතාවට ආහාර ද්‍රව්‍ය මිල ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වනු ඇති බව අපේක්ෂා කෙරේ.ලුත් අවුරුදු සමය දක්වා කිරිපිටි හා තිරිඟු පිටි මිල නොවෙනස්ව තබන බව රජය සහතික කරයි
ශ්‍රී ලංකාවේ ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමක් සිදු නොවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි. එම තීරණය අද (23) දින කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් නියෝජිතයින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී තහවුරු කර ඇත.
පවතින ගෝලීය අර්බුද සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් සැපයුම් සහ බෙදාහැරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබුණද, අඛණ්ඩ ආහාර සැපයුම පවත්වාගෙන යාම පිළිබඳව දෙපාර්ශවය අතර විශේෂ අවධානය යොමු විය. මෙවැනි අභියෝග මධ්‍යයේද ජනතාවට සහනයක් ලබාදීම අරමුණු කරමින් මිල ඉහළ නොදමන බව සමාගම් පැහැදිලි කළහ.
ඉන්ධන මිල වැඩිවීම සහ විදේශ විනිමය අගය වෙනස්වීම නිෂ්පාදන පිරිවැයට බලපා තිබුණද, අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය සමඟ එක්ව කටයුතු කිරීමට සමාගම් එකඟ වී ඇත. ඒ අනුව, ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් කිරිපිටි හා තිරිඟු පිටි තොග ලබා දීමට හැකි බවත්, අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බවත් ඔවුන් තහවුරු කර ඇත.
එමෙන්ම, ඉන්ධන කෝටා සීමාවන් හේතුවෙන් බෙදාහැරීම් ක්ෂේත්රයට ඇතිවී ඇති අපහසුතා පිළිබඳවද සමාගම් අවධානය යොමු කර ඇත. ඒ සඳහා විසඳුම් සෙවීමේ අරමුණින්, ආහාර බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට හඳුන්වා දී ඇති විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනට එක්වන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
මෙම තීරණය මගින් අලුත් අවුරුදු සමය තුළ ජනතාවට ආහාර ද්‍රව්‍ය මිල ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වනු ඇති බව අපේක්ෂා කෙරේ.



