උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 42කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 1,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර තිබේ.

ඒ අනුව එම සිලින්ඩරයේ නව මිල රුපියල් 815ක් දක්වා පහළ ගොස් ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button