
ප්‍රධාන පුවත්
විදුලි කප්පාදුවක් ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයි – බලශක්ති ඇමති
විදුලි කප්පාදුවක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශ්ව ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.
අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා මේ වනවිට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව 2026 සහ 2027 වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ගල්අඟුරු හිඟයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.



