
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට: 12.5kg සිලින්ඩරය රු. 4,765ක් දක්වා වැඩිවේ
ලිට්‍රෝ සමාගම විසින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ ගොස් නව මිල රු. 4,765ක් ලෙස සකස් වී ඇත.
තවද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 308කින් ඉහළ දමා එහි නව මිල රු. 1,910ක් බවට පත්වී ඇත. එසේම, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රු. 140කින් වැඩි කර නව මිල රු. 890ක් ලෙස නියම කර ඇත.
සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ, අප්‍රේල් මාසයට අදාළ මෙට්‍රික් ටොන් 38,000ක ගෑස් තොගය මේ වනවිට මාලදිවයින අසල පාවෙන ගබඩාවක (Floating Storage) සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව තබා ඇති බවයි. ඒ අනුව, දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
මීට අමතරව, මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත පැමිණෙමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති බවද සදහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන්, මැයි මාසයේදීද අඛණ්ඩ ගෑස් සැපයුම පවත්වාගෙන යාමට අවශ්‍ය තොග ප්‍රමාණය පවතින බව සමාගම කියා සිටී.
ලෝක වෙළෙඳපොළේ LP ගෑස් මිල ඉහළ යාම සහ යුධමය තත්ත්වයන් නිසා ආනයනික වියදම් සැලකිය යුතු ලෙස වැඩිවීම මෙම මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතුවක් ලෙස සමාගම පෙන්වා දෙයි.



