
ලාෆ්ස් ගෑස් සමාගම අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල සංශෝධනය කරමින් එය ඉහළ දැමීමට කටයුතු කර ඇති බව නිවේදනය කර ඇත.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ ගොස් නව මිල රු. 5,700ක් ලෙස නියම කර ඇත.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් වැඩි කරමින් එහි නව මිල රු. 2,280ක් බවට පත්කර තිබේ.
මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, නව මිල ගණන් අනුව ගෑස් අලෙවි කටයුතු සිදු කෙරෙනු ඇත.



