
ප්රධාන පුවත්
ලංකා IOC ඉන්ධන මිල වැඩිවේ – නව මිල ගණන් මෙන්න
අද (මාර්තු 22) සිට ක්රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
නව සංශෝධිත මිල අනුව, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 382ක් ලෙස නියම කර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 572ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 398ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 487ක් ලෙස සකස් කර තිබේ.
මෙම මිල සංශෝධනයත් සමඟ රට තුළ ඉන්ධන වියදම් තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වේ.



