
උණුසුම් පුවත්
ඉරානයෙන් රතු එලියක් හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉඟියක්
අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ලෝක තෙල් ප්‍රවාහනයේ මූලික නාලිකාවක් ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ගමන් කරන මෙම මුහුදු මාර්ගය සම්බන්ධයෙන් ඇතිවී ඇති උණුසුම් තත්ත්වය මේ වන විට තවදුරටත් උග්‍ර වී ඇත.
ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ඉරානය මෙසේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළ තුළ අනාගතයේදී දැඩි අස්ථාවරතාවයක් ඇති විය හැකි බවට ද විශ්ලේෂකයින් පෙන්වා දෙති.



