ප්‍රධාන පුවත්

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් භාරයට

රඛිත ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් තිදෙනා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට නියෝග කළේය.

ඒ අනුව රඛිත ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කරමින් නඩුව නැවත ජූලි 28 වැනිදා කැඳවීමටද අධිකරණය තීරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button