
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ (විශ්‍රාමික බ්‍රිගේඩියර්) අල්ලස් දැලේ
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු අල්ලස් හා දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ පසුගිය 19 වනදාය.
විමර්ශන අනුව හෙළිවී ඇති කරුණු වලට අනුව, කොළඹ නගරයේ ඉදිකර ඇති “සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයේ නිවාස 22ක්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ පොදු ප්‍රතිපත්ති වලට පටහැනිව, සුදුසුකම් නොපිරූ පුද්ගලයන් 22 දෙනෙකුට 2014 වසරේදී වෙන්කර දී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇත්තේ, කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් “නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය – කොළඹ නගරය” යටතේය.



