
කාලගුණය
උණුසුම ගැන රතු නිවේදන – 23 වනදාට Heat Index ඉහල යාමේ අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට අමතරව අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (23) දිනයේ උණුසුම් දර්ශකය (Heat Index) “අවධානය යොමු කළ යුතු” මට්ටමකට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙය මිනිස් සිරුරට දැනෙන උණුසුම සැලකිල්ලට ගනිමින් මැනෙන දර්ශකයක් වන අතර, දිනය පුරා වැඩි උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවයක් එක්වීමෙන් ජනතාවට අපහසුතා ඇතිවිය හැකි බවද සඳහන් වේ. මෙම නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.





