උණුසුම් පුවත්

රෝහිත බෝගොල්ලාගමට ඇප – කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි බන්ධනාගාරයට

රෝහිත බෝගොල්ලාගමට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කළද, අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට යළිත් බන්ධනාගාරගත වීමට සිදුව තිබේ.

රෝහිත බෝගොල්ලාගමට ඇප නියම කළත් කොන්දේසි සපුරාලීමට නොහැකි වෙයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටියදී නඩු විභාග සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, නියම කළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා බෝගොල්ලාගම මහතා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

මේ අතර, විත්තිකරුගේ විත්ති වාචකය කැඳවීමකින් තොරව ඔහු නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට නඩුවේ ඉදිරි කටයුතු සඳහා විත්තියේ සාක්ෂි කැඳවන ලෙස ද විනිසුරුවරයා නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button