
ප්‍රධාන පුවත්
අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 21දා
අධිකරණ කළමනාකරණ සේවයට අයත් මෙම තනතුර සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, අදාළ විභාග ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන ( www.jsc.gov.lk ) https://jsc.gov.lk/ඔස්සේ පරීක්ෂා කරගැනීමට අපේක්ෂකයන්ට අවස්ථාව සලසා තිබේ.
මේ අතර, විභාගයට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
එදින පෙරවරු 9.00 සිට කොළඹ 12 පිහිටි මහාධිකරණ පරිශ්‍රයේදී එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් වේ.



