උණුසුම් පුවත්

මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් | STF සහ කැරලි මර්දන ඒකකය කැඳවයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබේ.

රාත්‍රී 10.20ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් හදිසියේම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම සිද්ධිය ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මූලික තොරතුරු අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හටගත් ආරවුලක් මෙම නොසන්සුන්තාවට හේතු වී ඇති බව සඳහන් වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වය බොහෝ දුරට පාලනය කර ඇති අතර, බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button