
උණුසුම් පුවත්
යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියෝග
යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
නඩුවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, එම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට නියෝග කර තිබේ.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.



